අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන පොසොන් පුන් පොහොය අදට (24)යෙදී තිබෙනවා.

අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළා.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීයි.