ඕමාන වෙරළට ඔබ්බෙන් තවත් තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙයුම් ආයතනය නොවැම්බර් 10 වැනිදා දැනුම් දුන්නේය. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත නාවික අවදානම පිළිබඳ කනස්සල්ල මැද, දෙමසක අවම මට්ටමකට පහළ ගොස් තිබූ ලෝක තෙල් මිල නොවැම්බර් 11 වැනිදා යළි ඉහළ ගියේය.
කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු ගැටුම උත්සන්න වීමේ ඉඩ අඩු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.
එහෙත් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන්නේ නැති බව ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි පැවසීය. ඉරානය ඉදිරිපත් කළ කොන්දේසිවලට ඇමෙරිකාවෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
නොවැම්බර් 11 ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.49ට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.20ක් ලෙසත්, ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.53ක් ලෙසත් සටහන් විය.
රාජ්‍යතාන්ත්‍රික එකඟතාවක් ඇති වුවද, නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වන වේගය ආරක්ෂාව සහ රක්ෂණ පිරිවැය මත රඳා පවතිනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

