හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ හත්වැනි ස්ථානය තීරණය කිරීමට නොවැම්බර් 1 උදෑසන පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් හොංකොං කණ්ඩායම එක් ලකුණක ජයක් ලැබීය.

පළමුව පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම පන්දුවාර හයේදී ලකුණු 119ක් රැස් කළේය. අන්ෂුමන් රාත් පන්දු 17කින් ලකුණු 51ක් සහ බාබර් හයාත් පන්දු 16කින් ලකුණු 44ක් ලබාගත්හ.

ලකුණු 120ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර හය අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 118ක් පමණි.

මුදිත ලක්ෂාන් පන්දු 17කින් නොදැවී ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර හතරක් සහ හයේ පහර හයක් සමඟිනි. නායක සංගීත් කුරේ පන්දු අටකින් නොදැවී ලකුණු 24ක් එක් කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

මෙම ප්‍රතිඵලය සමඟ හොංකොං කණ්ඩායම හත්වැනි ස්ථානයත් ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයත් හිමිකර ගත්තේය.