ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු සම්පත විනාශ වෙමින් පවතින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ට්‍රෝලින් ක්‍රමය යටතේ මුහුදු පතුලේ ඇති ශාක, කුඩා මසුන් සහ මාළු බිත්තර ඇතුළු සාගර සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වන බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්දීය ධීවර කණ්ඩායමක් දැල් ඇදගෙන යාමේදී කල්පිටියේ ධීවරයෙකු එම දැලට හසුවී මුහුදට ඇදී ගිය සිදුවීමක්ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර ඇති ආකාරය සහ ගෙන ඇති තීරණ මොනවාද යන්න රටට පැහැදිලි කරන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර ඒ සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පිළිතුරු ළබා දෙන ලදී.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවය.
එසේම ඉන්දීය නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත්, ගැටලුව විසඳා මෙරට මුහුදු සම්පත සහ ධීවර ප්‍රජාව ආරක්ෂා කිරීමට ධීවර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>