22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ආපසු හැරවීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (25) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමිනි.
විපක්ෂ නායකවරයා විසින් 22 වැනි සංශෝධනය ආපසු හැරවීම සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සංශෝධනය යටතේ සිදුකර ඇති විධි විධාන වෙනස් කිරීම සරලව සිදුකළ නොහැකි බවය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අඩු කිරීම, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ මහාධිකරණ සංඛ්‍යාව අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය වන බව ඔහු පැවසීය.
එවැනි ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූලව සිදුකළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව සිය කටයුතු සිදුකර ඇත්තේ ව්‍යවස්ථානුකූල හා ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයට අනුව බවද වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





