යාපනයේදී ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online) සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය අවසර ලබා දී තිබේ.

ආරක්ෂක හේතූන් මත තමන්ට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බව පවසමින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, සුදුසු ස්ථානයක සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සාක්ෂි මෙහෙයවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණය විසින් අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.