නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල විසින් පොදුජන පෙරමුණේ ක්රියාකාරිකයෙකු වන මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
පසුගියදා නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල සම්බන්ධයෙන් සිදුකරන ලද අසත්ය ප්රකාශයක් හේතුවෙන්, ඔහුට අපහාසයක් සිදුවී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/m යටතේ පවරා ඇති මෙම නඩුව මඟින් නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල, මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ලබාදෙන ලෙසට ඉල්ලා ඇති අතර, මහින්ද පතිරණ තමාටත් තම දේශපාලන ව්යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්ය කරුණු ප්රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදු කර ඇති බවට සුනිල් වටගල අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.






