2025 නොවැම්බර් මස 21 වන දින සිට මුළු දිවයිනටම බලපෑ “දිව්වා සුළි කුණාටුව” හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවිත හානි වන්දි හා පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් වෙත වන්දි ලබාදීම, හානියට පත් නිවාස හා ව්‍යාපාර සඳහා වන්දි ලබාදීම, ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන් වෙත දීමනා ලබාදීම, හානියට පත් නිවාස හා දේපළ, තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සුදුසු පරිදි යථාවත් කර ගැනීම සඳහා දීමනා ලබාදීම හා තාවකාලිකව පදිංචි වන නිවාස වෙනුවෙන් මාසික කුලී දිමනා ලබාදීම හා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සවිබල ගැන්වීම වෙනුවෙන් ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යන මැයෙන් 2025.12.05 වන දින නිකුත් කළ අයවැය මගින් ලබා දී ඇති සහන පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කර ඇත.