සුනාමි තත්ත්වයක් පැමිණියහොත් ඊට මුහුණදීම සඳහා නොවැම්බර් 05 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පවසනවා.
පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූ කම්පන කිහිපයක් සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියා.
නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයට අයත් රටවල් 28 ට සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කර තිබෙනවා.
සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන, අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබයි.






