පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15 ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති අතර, ඉන් තත්ත්පරයට ඝන අඩි 5087 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළා.

එසේම, රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරු ඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ හා වැව් කිහිපයක් ද වාන් දමන බවයි සඳහන් වන්නේ.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ඒ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාව සැළකිලිමත් විය යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර තිබෙනවා.