ජනාධිපති අනුර කුමාර දිසානායක.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත. පත්වීම් ලිපිය අද (ජුනි 23) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් භාරදෙන ලදී.

ආචාර්ය සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇති අතර, ලෝක බැංකු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ආයෝජක ආරක්ෂාව 74 වැනි ස්ථානයෙන් 28 වැනි ස්ථානයට ගෙන ඒමට ද කටයුතු කර ඇත.

ඔහුට MBA සහ ආචාර්ය උපාධි තිබෙන අතර CIMA සහ ACCA සාමාජිකයෙකුද වේ. ඔහු මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ දායකයෙකු ලෙසත්, මීට පෙර නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇත.