ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක.
විශේෂයෙන්ම දුම්රිය මාර්ග අසළ පදිංචි වී සිටින ජනතාව පිළිවෙලකට සහ ස්ථාවරව නැවත පදිංචි කිරීම සඳහාත්, දුම්රිය මාර්ග පුළුල් කිරීම සඳහාත් ආණ්ඩුව විසින් ඔබතුමාලා සඳහා නව නිවාස සංකීර්ණයක් ලබා දී ඇත.
අපි බොරු පොරොන්දු නොදී, පෙර දැක්වූ ආකාරයටම අපගේ වගකීම ඉටු කර ඇත.
දැන් ඔබතුමාලාගේ වගකීම ඉටු කරන වේලාවයි. කරුණාකර ඉක්මනින්ම දුම්රිය මාර්ග අසළ තාවකාලිකව ඉදිකර ඇති නිවාස ඉවත් කර ආණ්ඩුව වෙත භාර දෙන්න. එවිට දුම්රිය මාර්ග පුළුල් කිරීම සාර්ථකව සිදුකොට ගාමනාගමන පහසුව වැඩිදියුණු කළ හැක.


