ජපානයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ භාවිතා වන නවතම තාක්ෂණයන් හඳුන්වාදෙමින්, ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා කිහිපයක් සමඟ ජපන් ආයෝජකයන් පිරිසක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී ඇත. සූර්ය බලශක්ති ක්ෂේත්රයේ නවීන තාක්ෂණයන් භාවිතයෙන්, හදිසි තත්ත්වයන්හිදී පවා විදුලිය අවශ්‍ය ස්ථානවලට අඛණ්ඩ සහ ස්ථාවර විදුලි සැපයුමක් ලබාදිය හැකි බවට සනාථ වන ජපානයේ දැනටමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තාක්ෂණය පිළිබඳව අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙවැනි නව තාක්ෂණයකට අදාළ පුරෝගාමී ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුවූ අතර, රටේ විදුලි පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාම සඳහා යොදාගත හැකි නවීන විසඳුම් සහ තාක්ෂණික යෝජනාද එහිදී කථාබහට ලක්වී ඇත.
