අමාත්‍ය වසන්ත සමරසිංහ.
අපි මුලින් ලුණු ගෙනාවා මෙට්‍රික් ටොන් දොළොස්දාස් පන්සීයක් පමණ. දෙවෙනි තොගය අපිට ගේන්න ඕන්නෑ කියලා ඉල්ලීමක් ආවා. විශේෂයෙන් හම්බන්තොට, මන්තායි සහ පුත්තලම් දිස්ත්‍රික් වලින්. ඉතින් අපි සාමාන්‍යයෙන් දවසට මෙට්‍රික් ටොන් පන්සීයක් යවනවා. ඔක්කොම මාසෙට මෙට්‍රික් ටොන් පහළොස් දාහයි ලුණු යන්නේ. ඉතින් අපේ නිෂ්පාදන මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්. නමුත් ඒ නිෂ්පාදනය පහුගිය වසර පුරා බිඳ වැටුණා. මේ මහ කන්නත් ඒගොල්ලන් අපේක්ෂා කළා මාර්තු මුල අස්වැන්න ගන්න. නමුත් මැයි ඒගොල්ලෝ ඊට පස්සේ අපේක්ෂා කළා. මැයි දැන් බිඳ වැටිලා තියෙන්නේ. ඒ නිසා අපිට තීරණය කරන්න වුණා කර්මාන්තකරුවන්ට ලුණු ගෙනත් දෙන්න තමයි අපි ඉස්සෙල්ලා උත්සාහ කළේ. ඒත් ප්‍රමාණවත් නැතිවෙන තත්වයක් තියෙනවා. අපි හිතනවා මේ දවස් විස්ස ඇතුලේ මෙට්‍රික් ටොන් හතළිස් දාහක්, පනස් දාහක් අතර ප්‍රමාණයක් ඒමට නියමිතයි. මේ බදාදා ඒගොල්ලන්ගෙත් පළවෙනි ආනයනකරුවාගේ කන්ටේනර් සීයක් ලංකාවට එනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා.