ජනාධිපති අනුර කුමාර දිසානායක

තරුණයන්ගේ අනාගතය පිළිබඳව ඉතාමත් අහිතකර චිත්‍රයක් ඔවුන් ඉදිරියේ තිබුණේ. බිඳ වැටුණු සිහින තිබුණේ. අපි නැවත සිහින දකින තාරුණ්‍යයක් නිර්මාණය කරන්නම්. ඔබ මේ රාජ්‍යයත් එක්ක එකතු වෙමින් ඔබට පැවරී තිබෙන වැඩ කොටස ඉටු කරන්න සූදානම් වෙන්න. අපි සියලු දෙනා ප්‍රයත්නයක් දරමු. අපේ පරම්පරාවට වඩා, අපේ අනාගත පරම්පරාවට හොඳ රටක් හදලා දෙන්න. අපේ ඇකේ නැළවෙන දරුවට, මොන්ටිසෝරි යන දරුවට, අපේ අම්මගේ ගැබේ දඟලන දරුවට, මීට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරලා දෙන්න. ඒ වෙනුවෙන් මේ රට මේ අපි අත්පත් කරන් තිබෙන්නේ. ඒ නිසා මම ඉතා වගකීමෙන් සහ විශ්වාසවන්තව කියනවා. එළියෙ ඉන්නේ වැල් බයිලා කාරයෝ. දේශපාලනය තියෙන්නේ අපි ගාව අභියෝගේ තියෙන්නේ අපි ගාව.

ජනාධිපති අනුර කුමාර දිසානායක පැවති මැයි රැළියේදී තරුණයන්ට කියූ දේ..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>