දළදාව වැඳ පුදා ගත් අය ජනපතිට අනේක පින් දෙයි.
අපි අම්බලන්ගොඩ ඉඳලා ආවේ දවස් දෙකකට කලින් හවස දෙකේ ඉඳලා ඉන්නේ.
හරිම සතුටුයි කියලා වැඩක් නෑ. ජනාධිපතිතුමා හින්දා තමයි අපිට මෙහෙම දෙයක් හරි බලන්න හම්බුනේ.
දැන් මෙතන මම දැක්ක දේ තමයි අපේ පොලිස් නිලධාරීන් මහත්තුරු මෙතන කටයුතු කරන්නේ මහජනයාගේ ආරක්ෂාව සඳහා පමණක් බවත් ඊට එහා ගිය කිසිදු කටයුත්තක් මන් දැක්කේ නෑ. විශේෂ පුද්ගලයන්ට ආරක්ෂාව සැපයීමක්වත්, විශේෂ පුද්ගලයන් වටා පිටි පස්සෙන් යාමක්වත්, මම ඒ කිසිම දෙයක් දැක්කේ එතකොට ඒ නිසා මම හිතනවා ඒ පොලිසියට අවංකව තමන්ගේ රාජකාරිය හරියට කළා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා.
ඇත්තටම හරිම සතුටුයි, අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ දැක්කා හා සමානව සතුටක් දැනුනේ. කොච්චර වෙහෙස මහන්සි වෙලා ආවත් එතන ඇතුලට ගිහිල්ලා දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තට පස්සේ සියලුම වෙහෙස මහන්සිය නැතිවෙලා ගියා. ජනාධිපතිතුමාටත් අපේ සියලුම හාමුදුරුවරුන්ටත් ගොඩක් ස්තූතියි. රට වැසියාට කරපු මේ සත්කාරයට.
අද මට මේ මේ පෝලිමේ ඉන්නකොට ඇහුණා අපේ බුද්ධ ශාසන අමාත්‍යතුමා කියනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ශ්රද්ධාවයි, ප්රඥාවයි ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසන් වෙනවා කියලා. මම මගේ ජීවිතයට අමාත්‍යවරයෙකුගෙන් ඒ වගේ ප්‍රකාශයක් අහපු පළවෙනි දවස. මේ ඇමතිතුමා බුද්ධ ශාසන ඇමතිතුමා කිව්වට, මේ වගේ අවබෝධයක් සහිත කෙනෙක් කියන එක මම අද දැනගත්තා.
ඇත්තෙන්ම අපේ ජනාධිපතිතුමා ඉන්න නිසා තමා අපි දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තේ. සියලු දෙනාටම පින්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>