Hormony Center සංවිධානය කළ සංගීතයයි සංවාදයයි සංස්කෘතික වැඩසටහනේ හතර වැනි පියවර පෙබරවාරි 04 වෙනි දින සවස 7.00ට විහාරමහාදේවි එළිමහන් රංගපිඨයේදී පැවත්වේ. නිදහස් දවසේ, නිදහස් වෙන්න සංගිතයයි, සංවාදයයි, නිදහසයි යන මැයෙනි පැවැත්වෙන මෙම වැඩසටහනට නදීක ජයවර්ධන සහ රොඩ්නි වර්ණකුලගේ ගායනය සමග No Names Collective සංගිතයෙන් හැඩ වීමට නියමිතයි.

පසුගිය 19 වැනි දා මෙම වැඩසටහන මහරගම පොළ පරිශ්‍රයේදී පැවැත්වුණ අතර කථන රංගයකින් වැඩසටහන කුළු ගැන්වීමට ප්‍රියන්ත සිරිකුමාර කටයුතු කළ අතර ගායනයෙන් රොඩ්නි වර්ණකුල සහ සංජීව සෙනෙවිරත්නද No names collective සංගීත කණ්ඩායම කටයුතු කරනු ලැබුවා. නොමිලේ පැවැති මෙම ප්‍රාසාංගික අත්දැකීම විඳ ගැනීමට ජනප්‍රිය කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පොදු ජන රසකාමී විශාල පිරිසක් සහභාගී වුණ අතර සමාජ, ආර්ථික, දේශපාලන කරුණු සංගීතය රංගනයද මැදිකරගෙන ගලා ගිය මෙම වැඩසටහන අවසන අදහස් දැක්වූ පිරිස් ස්තූතිපූර්වකව සහ ප්‍රමෝදයෙන් අදහස් දැක්වීම විශේෂත්වයක්.