අද(ජන 20) උදෑසන 7.13 ට මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා කිසිඳු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්රිත බොහෝ ගැටළු හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍ය මගියෙකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගී ජනයා සේම හිටගෙන ගමන් කළ අතර අහම්බෙන් දුටු මේ ජනතා නියෝජිත මගියා හා සුහදව කතා බහ කරමින් ගිය බවද වාර්තා වෙනවා.
මෙලෙස ගිය ගමනින් දුම්රියේ ප්‍රමාදයන්, විදුලි පංකා වල ගැටළු, ආබාධිත අයට රෝද පුටුවලින් ගොඩවීමට නොහැකි තත්වයන්, මාර්ගය දෙපස හා වසිකිලිවල අපිරිසිදු තත්වයන්, සමහර අවදානම් සහිත ඉතා පැරණි දුම්රිය ධාවනය වන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.
![](https://webnews.lk/wp-content/uploads/2025/01/64e4438f-be02-4739-a0c7-f000b38f4bd8.jpg)
![](https://webnews.lk/wp-content/uploads/2025/01/fcc8cad8-a57d-4a3c-b726-08356257ac5a.jpg)
![](https://webnews.lk/wp-content/uploads/2025/01/f1f7804b-4a17-4897-b242-be5669fe236a.jpg)
![](https://webnews.lk/wp-content/uploads/2025/01/419cc64d-0005-4bbb-a58b-fc6130442b38.jpg)
![](https://webnews.lk/wp-content/uploads/2025/01/b08b9a5e-7a72-4181-8e77-16fc29811061.jpg)