ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප‍්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස දියුරුම් දීම නීත්‍යාණුකූල නොවන බවත්, එම නිසා මන්ත‍්‍රී ධූරයේ බල රහිත කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරනයට පෙත්සමක් ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබේනවා.

ඔහු රුහුණු විශ්වවිද්‍යලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය වරයෙක්, ඒ වාගේම ලොකයේ බොහෝ රටවල් වල සංචාරය කරමින් විවිධ විශයන් පිළිබඳ පර්යේෂණ සිදු කළ විද්වතේක්. රාජ්‍ය පරිපාලනය පිළිබඳව අද්දැකිම් සහ අධ්‍යනයක් සහිත පුද්ගලයෙක්. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් බව පක්ෂයෙන් මැතිවරණ කොමිසමට දන්වා තිබියදී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස දිවුරුම්දී මට ප‍්‍රථම සේවයෙන් ඉල්ලා අස්වන බව නීත්‍යානුකූලව දන්වා තිබියදී මෙසේ සිදු වී ඇති බව වැඩිදුරත් සදහන්.