ඊයේ (25) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමින් අමාත්ය බිමල් රත්නායක 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් සමාජය තුළ වැරදි මතයක් සහ බියක් ඇති කළ බව ප්රකාශ කරන ලදී.
22 වැනි සංශෝධනය හරහා විවිධ අහිතකර ප්රතිඵල ඇතිවන බව පවසමින් විපක්ෂය එය අපරාධකාරයෙක් ලෙස හුවා දක් වූ බවට අමාත්යවරයා චෝදනා කළේය. එම මතවාද හේතුවෙන් ජනතාව මෙන්ම ඇතැම් ආගමික නායකයන් ද බියට පත්වූ බවද ඔහු සඳහන් කළේය.
අමාත්යවරයා පැවසූයේ, අවසානයේ සිදුවන්නේ රටේ විශාල අධිකරණ හා නීතිමය ප්රතිසංස්කරණයක් බවත්, විපක්ෂය පෙන්වා දුන් ආකාරයේ සමාජ බෙදීමක් හෝ වෙනත් ප්රතිවිපාකයක් සිදු නොවන බවත්ය.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා විපක්ෂය නොමැති දෙයක් මවා පෙන්වූ බවද ඔහු චෝදනා කළේය.
කෙසේ වෙතත්, එම ක්රියාවලිය හේතුවෙන් ආණ්ඩුව තුළ සුළු මතභේදයක් ඇතිවූ බව ආණ්ඩුව පිළිගෙන ඇති බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





