2027 ජනවාරි 1 වැනිදා සිට බටහිර වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව රාජ්‍ය සේවයට අලුතින් පත්වන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 91,750ක් දක්වා ඉහළ නැංවෙන බවත්,
ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 113,370ක් දක්වාත්, විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 156,000ක් දක්වාත් ඉහළ යන බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ ජීවන වියදම් දීමනා, විශ්‍රාම වැටුප් දීමනා, දුරකතන දීමනා ඇතුළු විවිධ දීමනාද වෛද්‍යවරුන්ට හිමිවන බවද අමතර රාජකාරී සඳහා ගෙවන පැයක දීමනාද ඉහළ දමා ඇති බව‍ය.

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනාද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත්, බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි මූලික වැටුප්, දීමනා හා වරප්‍රසාද බොහෝ දුරට සමාන වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>