ආණ්ඩුවට පමණක් රට ගොඩනැගිය නොහැකි බවත්, රට ගොඩනැගීම සඳහා වර්තමාන පරම්පරාවේ ජනතාවද කැපවීමෙන් සහ පරිත්‍යාගයෙන් යුතුව ඉදිරියට පැමිණිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී. නොච්චියාගම පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි’ ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, වත්මන් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා ජනතාවගෙන්...

