කාන්තාවන් ආරක්ෂා කිරීමට නීතියට වඩා සමාජ ආකල්ප වෙනස වැදගත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාවන් පමණක් නොව සෑම පිරිමියෙකුම පෙනී සිටිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කාන්තාවන් රැකියා ස්ථානයේදී මෙන්ම සමාජය තුළදීද විවිධ ගැටලුවලට මුහුණ දෙන අතර, ලිංගික හිංසනය සහ ගෘහස්ථ හිංසනයටද ගොදුරු...

