අධිවේගී මාර්ගවල ආසන පටි අනිවාර්යයි. සැප්තැම්බර් දක්වා අවසන් සහන කාලය. – 08.07.2026

අද (08) දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, අධිවේගී මාර්ග භාවිත කරන සියලුම වාහනවල ඉදිරිපස හා පසුපස ආසනවල ගමන් කරන මගීන් සඳහා ආසන පටි (Seat Belts) භාවිතය අනිවාර්ය කර ඇති බවයි. නිෂ්පාදකයා විසින් ආසන පටි නොසවි කර නිෂ්පාදනය කළ වාහන සඳහා ඒවා සවි කරගැනීමට 2025 සැප්තැම්බර් මාසයේදී...