“හරක් කටා නිදහස් කිරීමට කෝටි 12ක් ගෙවලා” – අසිත නිරෝෂන් කියයි – 26.06.2026

පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා අද (26) පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් ඉදිරිපත් කරමින්, සංවිධානාත්මක අපරාධකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් හුවමාරු වූ බවට සැක පවතින බව පැවසීය. ඔහු සඳහන් කළේ “හරක් කටා” ලෙස ප්‍රසිද්ධ නදුන් චින්තක නමැත්තා රඳවා තැබීමේ නියෝග වෙනස් කරමින් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම හා...