පාසල යනු දැනුම පමණක් නොව, දරුවාට සෙනෙහස සහ ආරක්ෂාව ලබාදෙන ස්ථානයක් විය යුතුයි. – අගමැතිනිය – 05.06.2026

කුරුණෑගල සාමෝදය විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසුන්ට භාරදීමේ උත්සවය අද (05) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඇය අවධාරණය කරන ලද්දේ, පාසල යනු දරුවන්ට දැනුම ලබාදෙන තැනක් පමණක් නොව, ආරක්ෂාව, සෙනෙහස සහ ආදරය පිරුණු පරිසරයක් විය යුතු බවය. දරුවන් තම ජීවිතයේ වැඩිම කාලය ගත කරන්නේ පාසලේ...