ඩොලර් මිලියන 2.5 ක් හැකර්වරයෙකු ලබාගැනීම ගැන මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කරාවි. – අමාත්‍ය නලින්ද ජයතිස්ස – 22.04.2026

අද (22) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වාර්තාකරුවෙකු විමසන ලද්දේ ශ්‍රී ලංකා රජයේ ණය ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු සහිත සිදුවීමක් පිළිබඳවයි. ඔහු සඳහන් කළේ, 2025 සැප්තැම්බර් මාසයේ අවසානයේදී ගෙවීමට නියමිත ඩොලර් මිලියන 22.9ක ණය මුදලෙන් කොටසක් වූ ඩොලර් මිලියන 2.5 ක් 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි අතර...