පොළොන්නරුවේ ගං වතුර සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරන ලද්දේ අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් අනුකමිටුවක් කැඳවා ගං වතුරේ ගැටලු විසඳීමට තීරණ ගත් බවයි. එම තීරණ අනුව ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 10කට වැඩි මුදලක් වෙන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇළ මාර්ග හතර පළල් කරමින් දෙපස සංරක්ෂණය...

