ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳව උතුරු පළාතේ ජනතාව දැනුවත් කිරීම, “රටම එකට”...

