2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි පවසනවා.
ඒ අනුව අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියා.
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව එහි ප්රමුඛ කාර්යයක් වන අවශ්‍ය මූල්‍ය සහාය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බැංකු පද්ධතිය හා එක්ව ලබාදීමේ කාර්යය ඉටුකරන අතර සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 95 ක පමණ මුදලක් මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට, පවත්නා ව්‍යාපාර පුළුල් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණය ලබාගැනීම සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර සිටියා.
2026 වසර තුළ රජයක් වශයෙන් ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක රාශියක් පවතින අතර විශේෂයෙන් අපනයන අභිමුඛ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා යෑමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.





