2026 වර්ෂයට අදාළව රජය විසින් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී එම අනුමැතිය ලැබී තිබේ.
එහිදී, එළැඹෙන 2026 වර්ෂයට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් කාරක සභාවට ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු පැහැදිලි කර තිබෙන අතර, අදාළ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව, කාරක සභාව විසින් මෙසේ අනුමැතිය ලබා දී තිබෙනවා.
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.






