කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී මත්පැන් බලපත්‍රයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් විසින් සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

ඒ අනුව, අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රාසමාණික්කම් මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයේ සාකච්ඡාවක් සඳහා තමා සහභාගී නොවූ බව සහ ඔහු සඳහන් කළ ආකාරයේ ලිපියක් ද තමා වෙත නොලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කියා සිටියා.