“තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක්” යන්න මාතෘකාවට ගනිමින් 2026 ජාතික නිවාස වැඩසට සැලසුම් කිරිමට අදාල වැඩමුළුවක් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

අප රටේ ජනතාව සඳහා ඉතාම උසස් මට්ටමේ නිවාස පද්ධතියක් සකස්කර දීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන අවශ්‍යතාවක්ව පවතින බවත් විධිමත් විද්‍යානුකූල නිවාස ඉදිකිරීමේ සැලසුමක් තුළින් “තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක්” සැමට ලඟාකරදීම වර්තමාන ආණ්ඩුවේ අපේක්ෂාව බවත් අමාත්‍ය ටී.බී සරත් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ත මැතිතුමා, ජන හා සාංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය, අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය සහ නිළධාරිහුද සහභාගී විය.