සජිත් ප්‍රේමදාස

අපහාස, උපහාස, තර්ජන, ගර්ජන, මඩ ප්‍රහාර, කුමන්ත්‍රණ, අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරලා සහයෝගය ලබාදුන් දස ලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය ජනතාව, අපේ ආචාරය පුද කරනවා. අප රටේ ප්‍රජාතත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන්, ඉදිරියට පැමිණ මේ මැතිවරණය ශක්තිමත් කරන්නට සහභාගී වුණු සියලුම රටවැසියන්, මාගේ ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. මෑත කාලයේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් හරහා, විශාලතම ජනවරම් ලබා රජය මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ රජයයි. එනමුත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ අති විශාල පරිහානියකට කඩා වැටීමකට මේ රජය ලක්වෙලා තිබෙනවා. රටේ ජනතාව අපිට ලබාදීලා තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් කටයුතු කිරීම. ජනතා විමුක්ති පෙරමුණ, මේ පළාත් පාලන මැතිවරණය හරියට ක්‍රියාත්මක කළේ. ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ක්‍රියාත්මක කරන ආකාරය. ආගම ධර්මයත් පාවිච්චි කරනවා මැතිවරණ ජයග්‍රහණය උදෙසා. නමුත් රටේ ජනතාව බොරුවට තිත දැම්මා.

සජිත් ප්‍රේමදාස මාධ්‍යයට දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>