හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පිටාර ගැලූ හැටන්ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ලොරි රථයක්, ඔයේ තිබූ ගසක සිරවී තිබියදී එහි හිමිකරු විසින් අද (10) අලුයම සොයාගෙන තිබේ.
හැටන් රොතැස් ප්රදේශයේ ගාල් කර තිබූ මෙම ලොරි රථය ඊයේ (09) පස්වරු 5:00ට පමණ ඇදහැලුණු තද වැසි හේතුවෙන් හැටන්ඔය පිටාර ගැලීමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ. හැටන් සිට මහවැලි ගඟ දක්වා ගලා බසින මෙම ඔයේ සැඩ පහරට හසුවූ රථය පසුව මෙලෙස ගසක සිරවී නතර වී තිබියදී හමුවී ඇත.
මේ අතර හැටන්ඔය පිටාර ගැලීම හේතුවෙන් රොතැස් ප්රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස 50කට ආසන්න ප්රමාණයක් ජලයෙන් යටවී ඇති බව ප්රදේශයේ විපතට පත් ජනතාව ප්රකාශ කළහ.





