“අපි සියලු දෙනාගේම ඉතාමත්ම කිට්ටු මිතුරියක් වුන ආචාර්ය ජානකී ජයවර්ධන දින කිහිපයකට කලින් ඉතාමත්ම අනපේක්ෂිත විදිහට රිය අනතුරකින් අපෙන් වෙන්වෙලා ගියා. ආචාර්ය ජානකී ජයවර්ධන කියන්නේ අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි විශ්ව විද්‍යාල ප්‍රජාවක් හැටියට අර අයිඩියල් ඉන්ටර්ලෙක්චුවල් කෙනෙක් කියන්නේ කවුද කියලා. ජානකී එවැනි අයිඩියල් චරිතයක්. නියම පබ්ලික් ඉන්ටර්ලෙක්චුවල් කෙනෙක්. සමාජ වගකීමක් දකින තමන්ගේ ශිෂ්‍යයන් වෙනුවෙන්, තමන්ගේ විෂය වෙනුවෙන්, ඒ ඩිසිප්ලින් එක වෙනුවෙන්, ප්‍රජාව වෙනුවෙන්, ඉදිරිපත් වෙන්න පුළුවන්, නායකත්වයක් දෙන්න පුළුවන්, කැපවීම් කරන්න පුළුවන් චරිතයක්. එවැනි චරිත අද අපිට අවශ්‍යම මොහොතක, මෙම නැතිවීම පිළිබඳව මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>