මෙම වසරේ සැප්තැම්බර් මස විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවසනවා.
පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මස ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක් බව මහ බැංකු වාර්තාවක සඳහන්ව ඇත.
ඒ අනුව, මෙම වසරේ සැප්තැම්බර් මස විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය, ගිය වසරේ සැප්තැම්බර් මසට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1 ක ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.
මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති සමස්ථ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7 කි..






