චීනය විසින් අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

තාක්ෂණික නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍ය වන ඛනිජ වර්ග 07ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවා තිබුණු අතර, මෙම ඛනිජ වර්ග 07 ට අමතරව තවත් ඛනිජ වර්ග 05 ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවට චිනය පසුගියදා නිවේදනය කර තිබුණා.

මෙම තීරණය හමුවේ, නොවැම්බර් මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට පනවා ඇති තීරු බදුවලට අමතරව තවත් 100% ක අතිරේක තීරු බද්දක් පනවන බවත්, තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පනවන බවත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.