හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නියෝග කර තිබෙනවා.
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස නිලතල දැරූ සමයේදී, තමන්ට අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී රන්ජන් ජයලාල්ට එරෙහිව ගොනුකර තිබුණු නඩුවේ තීන්දුව ඊයේ (10) ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව, රන්ජන් ජයලාල් සිදුකළ අදාළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බව සහ අගතියට පත් පාඨලි චම්පික රණවකට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත්, කොළඹ දිසා අධිකරණය විසින් රන්ජන් ජයලාල් වෙත නියෝග කරනු ලැබුවා.






