සර්වඥ ධාතු ප්‍රර්ශනයක් පෙබ 4 සිට පෙබ 11 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී රාජ්‍ය අනුග්‍රයෙන් පැවැත්වෙයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාරයාලයේදි පැවැත්වුයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදි අගමැතිනිය අදහස් පලකරමින් ප්‍රකාශකර සිටියේ, මෙම මහගු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගැනිමට ජනතාවට ඉඩ සලසා දෙමින්, මේ සියලුදෙනාගේම සුභසාධනය, ආරක්ෂාව තහවුරු කිරිම රජය විසින් සිදුකරනු ලබන බවත් ඒ සදහා සියලුදෙනාගේ සහයෝගයත් ඉල්ලා සිටින බවයි.
තවදුරටත් කරුණු පැහැදිලි කළ ඇය, විහාරස්ථානය අවට ව්‍යාපාරික ප්‍රජාවගේ මැදිහත්වීම ද මාර්ග භාවිතය, පරිසර ආරක්ෂාවන අන්දමට හැසිරීම ආදිය සැලකිල්ලට ගනිමින් වන්දනා කටයුතු සිදුකිරීමට කළ යුතු දැනුවත් කිරිම් කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවාය.
සම්පූර්ණ වීඩියෝව අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>





