පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

දැන් NPP එක අයාලේ යන්න පටන් අරගෙන තිබෙනවා. ඔවුන්ට තාමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි නිගමනයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තිබෙනවා. මුලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු, ලෝක සංවිදානවලින් ඉල්ලා අස් වෙනවයි කියපු ඔවුන් දැන් කියනවා IMF එකේ සහයෝගය සියට සීයක්ම ලබා ගැනීමට ක්‍රියා කරනවා කියලා. ලාල් කාන්ත සහෝදරයා පහුගිය දවස්වල කිව්වා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගම් සාමාජිකත්වයෙන් පවා ඉවත් වෙනවයි කියල. මේකෙන් පේන්නේ NPP එක මැතිවරණ ව්‍යාපාර මුලින්ම යොදාගෙන තිබෙන්නේ ජනතාව රවට්ටන්න කියන එක.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>