පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැනටත් නිවේදනය කළා මැයි මාසේ ඇතුලත ඕනෑම දිනයක විවාදයට සූදානම් කියලා. හැබැයි ඒ විවාදයට එන කොට අපේ ආර්ථික කවුන්සිලයත් ඒ වගේම NPP ආර්ථික කවුන්සිලයත් විවාදයේ දින නියම කරන්න ඕනේ.

නායකයන් දෙපළගේ විවාදයත් එක්කම ආර්ථික කවුන්සිල් දෙකේ විවාදයත් එකට දින නියම කරලා මේ විවාදය පවත්වන්න පුළුවන්. ඒ සඳහා මැදිහත් වෙන්න කියලා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙනුත් ඉල්ලීමක් කරලා තිබෙනවා.

අපි බලාගෙන ඉන්නවා මැයි මාසේ ඇතුළත ඒ විවාද දෙකම දින නියම කරලා පවත්වන්න. ඒකට අපි සූදානම්. NPP එක ලෑස්තිද කියලයි අපි අහන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>