ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවී තිබෙනවා.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් රුසියානු තානාපතිවරයා වෙත “දිට්වා” සුළි කුණාටුව නිසා මෙරට ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ අතර, නැවත ජන ජීවිත නඟා සිටුවීමටත්, විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත්, හානියට පත් යටිතල පහසුකම් නඟා සිටුවීම සඳහාත් සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.
එසේම, මේ අසීරු අවස්ථාවේ රුසියානු රජය විසින් මෙතෙක් ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය රුසියානු තානාපති Levan Dzhagaryan වෙත ප්‍රකාශ කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.





