විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (25) විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

එහිදී රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම, ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව එක්සත්ව ඉදිරියට යාම, සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සම්පුර්ණයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.