විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) රෝහල්ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීමට පැමිණි අතර, රෝහල් කාර්ය මණ්ඩලය උපරිම සෞඛ්‍ය රැකවරණය ලබාදෙන බවද පැවසීය.
ඔහු නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සාධාරණ හා අපක්ෂපාතී ආකාරයෙන් බවත්, නීතියේ ආධිපත්‍යය පුද්ගලික අතට ගෙන පෞද්ගලීකරණය කරන කටයුතු වලට තමන් විරුද්ධ බවත් අවධාරණය කළා.
එමඟින් හෙට අධිකරණය නිසි ස්වාධීනත්වය සහිතව තීන්දු ගනු ඇති බවට බලාපොරොත්තුවක් ද ප්‍රකාශ කළා.





