ලබන වසර මුලදී ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙන බව සඳහන් වේ.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව ඇති අතර ඊට අනුමැතිය ලබා දීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබූ අතර පසුව ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල් දැමීමට පියවර ගෙන තිබුණා.