පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

දැන් විදුලි බිල අඩු කරනවයි කියලා දිගින් දිගටම ආණ්ඩුව කියනවා. පොරොන්දුව දුන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැම අවුරුද්දෙම දෙවතාවක් හෝ තුන්වතාවක් විදුලි බිල සංශෝධනය කරලා විදුලියේ ලබන ලාභය මහජනතාවට නැත්නම් පාරිභෝගිකයන්ට ලබා දෙන්න ක්‍රියා කරනවයි කියලා.

හැබැයි මේ අවුරුද්දේ මැයි මාසේ ක්‍රියාත්මක කරන්න තිබුණු විදුලි බිල සංශෝධනය කරලා නෑ. මාසයක් කතා කරලා දැන් දෙවෙනි මාසෙත් අත ඇරලා තිබෙනවා. දැන් අපි අහනවා මහජන උපයෝගීතා කොමිසම මොකක්ද කරන්නේ? නියම දිනයට ඒ විදුලි බිල අඩු කරලා ඒ සහනය ලබා දෙන්න ක්‍රියා කරන්නේ නැත්නම් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට තියෙන වගකීම ඉෂ්ට කරන්න ඕනේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ආණ්ඩුව මේ විදුලිබල සංශෝධනය සිදු කරලා මහජනතාවට වහාම ඒ සහනය ලබා දෙන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>