පවතින වියළි කාලගුණයත් සමග විදුලි පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්.ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා පවසයි.
ඊයේ (24) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වත්මන් තත්ත්වය යටතේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවශ්‍ය ඉන්ධන ලබාදෙමින් සිටින බවද ඔහු පැවසීය. ඒ හේතුවෙන් මේ දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවයක් උද්ගත වී නොමැති බවද සඳහන් කළේය.
පෙබරවාරි සිට අප්‍රේල් දක්වා පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බවත්, පසුගිය දිනවල ගිගාවොට් පැය 60කට අධික විදුලි පරිභෝජනයක් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව, රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම සඳහා සියලු පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවට ඔහු අවධාරණය කළේය.





