රුවන්වැලිසෑය අසල සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඉවත් වන ලෙස දුන් නියෝගය ඉවත් කරගැනීම සඳහා නොවැම්බර් 9 වැනිදා අධිකරණය හමුවට යෑමට බලාපොරොත්තු වන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ ප්‍රකාශ කර තිබේ.
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය ඉවත් කරන තෙක් විරෝධතාව පවත්වාගෙන යන බවද උන්වහන්සේ සඳහන් කර ඇත.
පිරිසට රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමියෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි. තාවකාලික කූඩාරම් ඉවත් කිරීමටත් පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොකිරීමටත් එම නියෝගයෙන් දැනුම් දී ඇත.





