ඔබ දන්නවා රාජ්‍ය වෙසක් උත්සවය මීට පෙර ඉතිහාසයේ හැමදාම තිබුනේ කොළඹ. යමන් බණ්ඩෝ වෙසක් බලන්න කියලා සිංදු හැදුනේ ඒ හින්දා. ඒ කොළඹ තිබිච්ච රාජ්‍ය වෙසක් උත්සවය තමයි පළවෙනි වතාවට නුවරඑළියට ගිහිල්ලා ගංවතුරට ගහගෙන ගියේ. නුවරඑළියට වෙසක් උත්සවය ගෙනිච්චාට එතන ඒක කොහෙත්ම ගැලපෙන්න තැනක්ද නැද්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. අනික රාජ්‍ය වෙසක් උත්සවය කියලා හුදෙකලා තැනකට ගෙනිච්චාට පෙන්නන්න තරම් ලොකු වෙසක් ක්‍රියාවලියක් එතන තිබ්බෙත් නැහැ කියලා කවුරුත් දන්නවා. එතකොට මේ කළේ මොකක්ද? වෙසක් උත්සවයට තියෙන රාජ්‍ය පිළිගැනීම කාටවත් මුකුත් කියන්න බැරි වෙන විදියට බොහොම සියුම් ලෙස තුට්ටු දෙකට දැම්මා. යමන් බණ්ඩෝ වෙසක් බලන්න නුවරඑළිය කියලා තමයි ඊළඟට සිංදුව හැදෙන්නේ.
නුවරඑළිය දීස්ත්‍රීක් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල කැමැත්ත පරිදි තමයි රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියට ලබාගත්තේ. ඉතින් ඒක මම හිතන්නේ කවදාටත් වඩා අර්ථ සම්පන්නව සිද්ධ වුනා. ඉතින් එතන අපි මහා සංඝරත්නය ඇතුළු ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු දෙනාම එකතු වෙලා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරා. අත්‍යාලංකාරයෙන් මෙවර වෙසක් උත්සවය සිද්ධ කළා. හැබැයි අවසන් වෙන්නත් ඉස්සෙල්ලා අපි හිටපු එක් මනුස්සයෙක් ඊයේ කියනවා වෙසක් උත්සවය නුවරඑළිය අරන් ගිහිල්ලා වැස්සට හේදිලා කියලා. අපි කියනවා ඔය විදිහේ කට කැඩිච්ච වචන කියලා. මිනිස්සුන්ගේ හිත් බිඳවන්න එපා. ලක්ෂ ගණන් මිනිස්සු ඇවිල්ලා රස විඳ ගත්තා. මේ තෙමඟුලේ ආශිර්වාදය ලබා ගත්තා. හැබැයි ඒ අමන තක්කඩියට අපි කියනවා මේ සැරේ වෙසක් උත්සවය කවදාටත් වඩා වැහි බිංදුවකවත් පාඩුවක් වුණේ නෑ. වැහි බිංදුවක්වත් ආවේ නෑ. ලස්සනට වෙසක් උත්සවය කළා. හදවතින්ම අපි සතුටු වෙනවා මෙවර වෙසක් උත්සවය ලස්සනට සිද්ධ කරපු බව සතුටින් යුක්තව සිහිපත් කරනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>